දුම්රිය හරස් මාර්ග හරහා අනාරක්ෂිතව රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව දඩ
දුම්රිය හරස් මාර්ග හරහා අනාරක්ෂිතව රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව රුපියල් විසි පන් දහසක දඩයක් පැණවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිඛෙනවා. හික්කඩුවේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කියාසිටියේ ඊට අවශ්‍ය කටයුතු මේ දිනවල සූදානම් කරමින් සිටින බවයි.
මේ අතර අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල විදුලි සීනු සවි කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවයි ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කලේ. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ තනිමාර්ග විදුලි සීනු 132 ක් සහ ද්විත්ව මාර්ගයේ විදුලි සීනු 7 ක් සවි කෙරෙන අතර එය ලබන ජනවාරිය වන විට අවසන් කිරීමටයි අමාත්‍යංශය සැලසුම්කර ඇත්තේ.
මීට අමතරව ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වල ආරක්ෂණ විදුලි සීනු 61 ක් සවි කිරීමට නියමිතයි. 2016 වසරේදී ආරම්භ කල මෙම ව්‍යාපෘතිය මගින් තනි දුම්රිය මාර්ග සඳහා විදුලි සීනු 175 ක් සහ ද්විත්ව මාර්ගයේ විදුලි සීනු 25 ක් සවි කිරීමටයි සැලසුම්කර ඇත්තේ. ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 6 යි දසම 4 ක මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂිතයි.
Source – NewsRadioLK
2018-08-20