Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

පොල්ගහවෙල දුම්රිය අනතුරට සම්බන්ධ හතරකගේ වැඩ තහනම්

පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ තාවකාලික වැඩ තහනමට ලක් කර තිබේ.

අනතුරට සම්බන්ධ රඹුක්කන දුම්රියේ රියදුරු, රියදුරු සහයක, නියාමක සහ උප නියාමකවරයා මෙලෙස වැඩ තහනමට ලක් කර ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

ඊයේ(06) පස්වරුවේ කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය සංඥා දෝෂයක් හේතුවෙන් නතර කර තිබියදී ඊට පිටුපසින් පැමිණි රඹුක්කන දක්වා ධාවනය වූ බලවේග කට්ටල දුම්රිය එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

සිද්ධියෙන් දුම්රිය දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

අනතුරට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙවැනි අපරික්ෂාකාරි දුම්රිය රියදුරන්ගේ ක්‍රියා හේතුවෙන් ජනතාව තුළ දුම්රිය සේවාව පිළිබඳ පවතින විශ්වාසය බිඳ වැටෙන බව ද වැඩිදුරටත් සදහන් කර තිබේ.

Source – AdaDeranaLK
2018-08-07