යාල් දේවියට ජාත්‍යන්තර ප්‍රසාදයක්
යාල්දේවී දුම්රිය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසාද නම් කිරීමකට ලක්ව තිබේ.
එංගලන්තයේ පලවන ගාඩියන්ස් පුවත්පත විසින් ලෝකයේ රටවල් ගණනාවක සංචාරකයින් ගමන් කරණ දුම්රියන් සම්බන්ධයෙන් කරණ ලද සමීක්ෂණයකින් අනතුරුව යාල්දේවී දුම්රියට 18 වෙනි ප්‍රසාද ස්ථානය හිමිවී තිබේ.
දුම්රිය ගමන් කරණ මාර්ගයේ ඇති චමත්කාර ජනක තත්ත්වය,ගමනේ ස්වභාවය,ජනතා ප්‍රසාදය හා විශ්වාසය වැනි කරුණු කීපයක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය සිදු කොට ඇති අතර ඉතා දීර්ඝ කාලයක් විශාල දුරක් ගමන් කිරීම පදනම් කරගෙන යාල්දේවී දුම්රියට මෙම ප්‍රසාද ස්ථානය හිමි වී තිබේ.
යාල්දේවී දුම්රිය ආරම්භ වී ඇත්තේ 1950 වසරේදීය.
එම දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය වන සීඝ්‍රගාමී දුම් රියක් වශයෙන් හැදින්වෙන අතර වර්තමානයේදී එම දුම් රිය ධාවනය වන්නේ ගල්කිස්ස හා කන්කසන්තුරය අතරයි.
(දිනසේන රතුගමගේ)
Source – NewsRadiolk
www.rdmns.lk