Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය/බස්රථ සඳහා ටච් කාඩ්පතක්

දුම්රිය/බස්රථ සඳහා ටච් කාඩ්පතක්

මගී ජනතාවට වෙන වෙනම ප්‍රවේශ පත්‍ර නොගෙන ලංගම, පෞද්ගලික බස් රථ හා දුම්රියෙන් ගමන් කළ හැකි විද්‍යුත් කාඩ් පතක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කරයි.

ටච් කාඩ් යනුවෙන් නම් කෙරෙන මෙම ස්මාර්ට් කාඩ් පත්‍රය මිලදී ගන්නා මගීන්ට ලංගම හා පෞද්ගලික බස් සහ දුම්රියෙන් ගමන් කළ හැක. මෙම කාඩ් පත මඟීන් විසින් මුදල් ගෙවා මිල දී ගත යුතු අතර බසයේ දී හෝ දුම්රියේදී ගමන් කිරීමේ දී ඒ සඳහා වන ගාස්තුව කාඩ් පතින් අඩු කරගනු ලැබේ.

ගමනාගමන කොමිෂන් සභාව, භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකා පේ සමාගම එක්ව මෙම ටච් කාඩ්පත සකස් කරගෙන යන බව ජාතික ගමනගමන කොමිෂන් සභවේ සභාපති ඉංජිනේරු එම්.ජී.පී.හේමචන්ද්‍ර මහතා පැවසීය.

ටච් කාඩ් පත භාවිතා කරන මඟීන්ගෙන් කපා ගන්නා මුදල් ලංකා පේ සමාගම හරහා ලංගම, පෞද්ගලික බස් හිමියන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගිණුම්වලට බැර කෙරෙනු ඇත. මෙම කාඩ් ක්‍රමය ක්‍රියාත්මක වූ පසු බස් මඟීන්ට ඉතිරි මුදල් නොලැබීම වැනි අක්‍රමිකතා වළක්වාගත හැකි බවද ජාතික ගමනගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

Source – AdaderanaLK
2018-04-13
02.00 PM

www.rdmns.lk