මගී ධාරිතාව Smartphone එකෙන් Check කරගන්න !
RDMNS.LK NEW FEATURE
රටේ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ මගී ඒකරාශී වීම අවම කිරීමට දුම්රියේ ගමන් ගන්නා මගී ජනතාව වෙනුවෙන් ගමන් ගන්නා දුම්රිය තෝරාගැනීම සඳහා අප සමූහයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් දුම්රියන් තුල මගී ධාරිතාව ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය මගින් පරික්ෂා කිරීමේ පහසුකම දැන් සලසා ඇත.
Note – මෙම තොරතුරු එක්රැස් කෙරෙන්නේ දුම්රියේ ගමන් ගන්නා මගීන් විසින් වන අතර මෙම පද්ධතියට ඔබටත් එක්වී තොරතුරු හුවමාරු කරගත හැක.
වැඩිදුර තොරතුරු සඳහා අපගේ Facebook සමූහය වෙත පිවිසෙන්න.
RDMNS TTS User Portal හි ලියාපදිංචි වී දුම්රියන් වල සජීවී තොරතුරු යාවත්කාලීන කරන අප සාමාජිකයන් හට තමන් ගමන් ගන්නා දුම්රියේ වත්මන් ආසන ධාරිතාවය පිලිබඳ තොරතුරු සජීවීව අප වෙත ලබාදීම දැන් සිදු කල හැකි අතර එම දත්ත පදනම් කොටගෙන අපගේ RDMNS.LK Mobile App එකෙහි Live Train Radar පහසුකම යටතේ දුම්රිය තිබෙන ස්ථානය සමගින් ආසන ධාරිතාව සජීවීව නිරීක්ෂණය කල හැක.
ඉදිරියේදී මෙම තොරතුරු ඉදිරි/මැද/පිටුපස මැදිරි ලෙසද ලැබෙන තොරතුරු අනුව වර්ගීකරණය කොට දැක්වීමට නියමිතයි.
මෙම සංස්කරණය එළිදැක්වීමට දායක වූ අපගේ තොරතුරු තාක්ෂණ අංශයේ Heshan සහ Thilina M Rupasingha යන සොයුරන් වෙත අපගේ විශේෂ ස්තුතිය !
Download RDMNS.LK App Now
Visit www.rdmns.lk/app