දුම්රිය මගින් මහා පරිමාණ භාණ්ඩ ප්‍රවාහනය
කොළඹ බඩු ගබඩාවේ සිට දුම්රිය භාවිතය මගින් ලංකාවේ ඕනෑම දුම්රිය ස්ථානයක් සදහා භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීමට අදාල පහසුකම් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍යතාව ඇති පාර්ශවයන් වෙත සපයා ඇත.
ඕනෑම මාධ්‍යකින් මහාපරිමාණ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පිරිවැයට වඩා ලාභදායී වන දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසද හඳුනාගත හැකි වේ.
එක් වැගනයක් සඳහා වන අවම බර ටොන් 35 සහ උපරිමය ටොන් 45 කට යටත්ව එක් ටොන් එකක් සඳහා කිලෝමීටරයකට රු. 11/00 ක වැනි මුදලකට මෙම සේවාව ලබාගත හැකිය. එක් වැගනයක් සඳහා තැබිය යුතු ආරක්ෂණ ආපසු ගෙවන තැන්පතුව රු 20000/00 කි.
භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය මාධ්‍ය භාවිතා කලහැකි අවම දුර කිලෝමීටර් 100 යකි. භාණ්ඩ ප්‍රවාහනයට අදාල කටයුතු සඳහා කොළඹ බඩු ගබඩාවේ පහත දුරකථන අංකයට පෙ.ව. 09/00 ත් ප.ව. 04/00 අතර වේලාවක ඇමතුමක් ලබා දෙන්න.
විමසීම් – 0112431938
Special thanks – Pium Udayanga Jayasekara
#SLR #GoodsTransport #Wagons