නවීකරණය කරන ලද දුම්රිය මැදිරි 9ක් මගී ප්‍රවාහනයට
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ තන්ත්‍රි ට්‍රෙලර්ස් පුද්ගලික සමාගමේ සහයෝගය ඇති ව සිදුකෙරෙන දුම්රිය මැදිරි දෙසීයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද රුමේනියානු දුම්රිය මැදිරි නමයක් අද දින කොළඹ කොටුව සිට රාගම දක්වා මංගල ගමන උත්සව ආකාරව සිදු කිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය යටතේ රුමේනියානු දුම්රිය මැදිරි 120ක් සහ S8 බලවේග කට්ටල වල දුම්රිය මැදිරි 60ක් නවීකරණය කෙරෙන අතර එම මැදිරි වල වත්මන් තත්වය අනුව එක් මැදිරියක් නවීකරණය කිරීම සඳහා රු. ලක්ෂ 80 – 120 ක් පමණ මුදලක් වැය වන බව අප කළ විමසීමක දී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
මෙම දුම්රිය මැදිරි වල තිරිංග ( Brake ), ඇඳුම් (Coupling) ඇතුලු තාක්ෂණික කොටස් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුත්වැඩියා කෙරෙන අතර මගී පහසුව වෙනුවෙන් දුම්රිය මැදිරි ඇතුළත තිබෙන සියලුම කොටස් (ආසන, විදුලි පංකා, ජනේල, විදුලි පහන්, වැසිකිලි…) තන්ත්‍රි සමාගම විසින් නවීකරණය කරනු ලබයි
අද දින තම මංගල ධාවනය සිදු කරන මෙම රුමේනියානු මැදිරි නවය සදුදා දින සිට සෙංකඩගල මැණිකේ දුම්රිය ට එකතු කරන බව RDMNS කළ විමසීමක දී දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියා
ඡායාරූප – Clement Dias / Sashimal Kankanamge
2018-03-31