නව දුම්රිය ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය
දුම්රිය ප්‍රවේශපත්‍ර සහ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු 2018-10-01 සිට සංශෝධනය වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ තුන්වන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් 10 දෙවන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් විස්ස සහ පළවන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් 40 මෙහිදී වෙනස් නොවන බවයි.
කෙසේ වෙතත් අවම ගාස්තු සළකා බැලීමේදී ක්‍රියාත්මක වුණු කිලෝමීටර 10 සීමාව නව සංශෝධනයේදී 7 දක්වා අඩුකර තිබෙනවා.
ගාස්තු සංශෝධනයේදී අවම වැඩිවීම සියයට 15 ක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. තුන්වන පන්තියේ ගාස්තු වැඩිවීම අනුව කොළඹ සිට කළුතර දක්වා අය කෙරුණු රුපියල් 50 ගාස්තුව 55 දක්වා ඉහළ ගොස් ඇති අතර, රුපියල් 105 ක් වූ කොළඹ – කොටුවේ සිට ගාල්ල දක්වා වන ප්‍රවේශපත්‍ර ගාස්තුව 135 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නව සංශෝධනයට අනුව කොළඹ සිට මහනුවරට තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 140 ක්. එය මීට පෙර පැවතුණේ රුපියල් 110 ක් ලෙසයි.
එසේම රුපියල් 165 ක්ව පැවති කොළඹ – අනුරාධපුර තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 215 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රුපියල් 95ක්ව පැවති කුරුණෑගල – කොළඹ- කොටුව ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 115 ක් දක්වා වැඩිවන අතර, මාතර දක්වා තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ගාස්තුවද රුපියල් 35 කින් ඉහළ ගොස් තිබෙනවා.
වාර ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩිවීමේදී සාමාන්‍ය තනි ගමන් ප්‍රවේශපත්‍ර මුළු අගයෙන් සියයට 40 කින් ඉහළ නංවා ඇති අතර, රජයේ සේවක වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව සියයට 15 කින් වැඩිවී තීබෙනවා.
විශ්වවිද්‍යාල, පිරිවෙන් සහ වයස අවුරුදු 12 ට වැඩි පාසල් වාර ප්‍රවේශපත්‍ර ගාස්තු සියයට 10 කින් ඉහළ නංවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
කෙසේ වෙතතත් වයස අවුරුදු 12 ට අඩු ශිෂ්‍ය වාර ප්‍රවේශපත්‍ර සහ දුම්රිය සේවක වාර ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැන්වෙන්නේ සියයට 5 කින් පමණයි.
ඒ අනුව කොළඹ කොටුව සිට ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක් සඳහා සංශෝධිත නව ගාස්තු පහත සඳහන් පරිදි වේ.
කොල්ලුපිටිය
2nd Class – රු.20
3rd Class – රු.10
බම්බලපිටිය
2nd Class – රු.20
3rd Class – රු.10
දෙහිවල
2nd Class – රු.30
3rd Class – රු.15
මොරටුව
2nd Class – රු.50
3rd Class – රු.25
පානදුර
2nd Class – රු.70
3rd Class – රු.40
දකුණු කලුතර
2nd Class – රු.100
3rd Class – රු.55
අලුත්ගම
2nd Class – රු.140
3rd Class – රු.75
අම්බලන්ගොඩ
2nd Class – රු.180
3rd Class – රු.105
හික්කඩුව
2nd Class – රු.210
3rd Class – රු.115
ගාල්ල
2nd Class – රු.240
3rd Class – රු.135
වැලිගම
2nd Class – රු.280
3rd Class – රු.160
මාතර
2nd Class – රු.300
3rd Class – රු.170
________________________
කැළණිය
2nd Class – රු.20
3rd Class – රු.10
රාගම
2nd Class – රු.40
3rd Class – රු.25
ගම්පහ
2nd Class – රු.70
3rd Class – රු.40
වේයන්ගොඩ
2nd Class – රු.90
3rd Class – රු.50
මීරිගම
2nd Class – රු.120
3rd Class – රු.65
අලව්ව
2nd Class – රු.150
3rd Class – රු.80
පොල්ගහවෙල
2nd Class – රු.160
3rd Class – රු.90
රඹුක්කන
2nd Class – රු.180
3rd Class – රු.105
කඩුගන්නාව
2nd Class – රු.220
3rd Class – රු.125
පේරාදෙණිය
2nd Class – රු.240
3rd Class – රු.135
මහනුවර
2nd Class – රු.250
3rd Class – රු.140
ගම්පොළ
2nd Class – රු.250
3rd Class – රු.145
නාවලපිටිය
2nd Class – රු.280
3rd Class – රු.160
හැටන්
2nd Class – රු.330
3rd Class – රු.190
තලවකැලේ
2nd Class – රු.350
3rd Class – රු.200
නානුඔය
2nd Class – රු.380
3rd Class – රු.215
පට්ටිපොළ
2nd Class – රු.410
3rd Class – රු.230
හපුතලේ
2nd Class – රු.440
3rd Class – රු.245
දියතලාව
2nd Class – රු.440
3rd Class – රු.250
බණ්ඩාරවෙල
2nd Class – රු.450
3rd Class – රු.250
ඇල්ල
2nd Class – රු.470
3rd Class – රු.260
බදුල්ල
2nd Class – රු.490
3rd Class – රු.275
වත්තේගම
2nd Class – රු.270
3rd Class – රු.150
මාතලේ
2nd Class – රු.290
3rd Class – රු.165
____________________
නුගේගොඩ
3rd Class – රු.20
මහරගම
3rd Class – රු.25
කොට්ටාව
3rd Class – රු.30
හෝමාගම
3rd Class – රු.40
පාදුක්ක
3rd Class – රු.50
කොස්ගම
3rd Class – රු.70
අවිස්සාවේල්ල
3rd Class – රු.80
_______________________
ජා ඇල
2nd Class – රු.60
3rd Class – රු.35
සීදුව
2nd Class – රු.70
3rd Class – රු.40
මීගමුව
2nd Class – රු.90
3rd Class – රු.55
හලාවත
2nd Class – රු.180
3rd Class – රු.100
පුත්තලම
2nd Class – රු.270
3rd Class – රු.155
___________________
කුරුණෑගල
2nd Class – රු.210
3rd Class – රු.115
මහව
2nd Class – රු.270
3rd Class – රු.155
ගල්ගමුව
2nd Class – රු.350
3rd Class – රු.195
අනුරාධපුර
2nd Class – රු.380
3rd Class – රු.215
වවුනියාව
2nd Class – රු.440
3rd Class – රු.250
කිලිනොච්චිය
2nd Class – රු.540
3rd Class – රු.300
යාපනය
2nd Class – රු.630
3rd Class – රු.350
තලෙයිමන්නාරම
2nd Class – රු.550
3rd Class – රු.305
_____________________
කැකිරාව
2nd Class – රු.360
3rd Class – රු.200
ගල්ඔය
2nd Class – රු.410
3rd Class – රු.230
හිඟුරක්ගොඩ
2nd Class – රු.430
3rd Class – රු.240
පොළොන්නරුව
2nd Class – රු.450
3rd Class – රු.250
මඩකලපුව
2nd Class – රු.570
3rd Class – රු.315
ත්‍රිකුණාමලය
2nd Class – රු.500
3rd Class – රු.280
Source – HiruNewsLK
#RDMNS24