දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 2ක ගින්නක්
දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 2ක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ අලුත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන ඇති බවයි.
ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විට යොදා ඇති බව ද එම ඒකකය සඳහන් කළා.
Source – HiruNewsLK
2018-09-22 01.55 PM