අලුයම සිදුවූ දුම්රිය අනතුර
හබරණ සහ පලුගස්වැව දුම්රිය ස්ථානයට අතර 127 කිලෝ මිටර් කණූව ආසන්නයේදී කොළඹ සිට මඩකලපුව දෙසට ධාවනය වු ඉන්ධන ප්‍රවාහනය කරනු ලැබු දුම්රියක ගැටිමෙන් වන අලි තිදෙනෙකු අද(18) උදෑසන මිය ගියේය.
අද අලුයම 4ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් දුම්රිය පීලි පැනිමක්ද සිදු වු අතර, රේල් පිලීවලට දැඩි අලාභ සිදුව තිබුණි.
පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කරන තුරු කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය මහව දක්වාත් මඩකලපුව සිට කොළඹට ධාවනය වන දුම්රිය ගල්ඔය දක්වාත් ධාවනය කෙරෙනු ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ අතර, හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
පීලිපැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සදහා මේ වන විට කණ්ඩායමක් එම ප්‍රදේශය බලා පිටත්ව ගිය බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
Source – AdaDeranaLK
2018-09-18