වසර අවසානයේ මාතර සිට බෙලිඅත්තට දුම්රියක්
මේ වසර අවසන් වීමට පෙර මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අදියර තුනක් යටතේ ඉදිවෙන මාතර – කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන කිලෝමීටර් 36කින් සමන්විත මාතර – බෙලිඅත්ත මාර්ගය මෙලෙස ජනතා අයිතියට පත් කිරිමට නියමිත බවයි.
මෙහි දෙවන අදියර යටතේ කිලෝමීටර් 48ක් වන බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාත් තෙවන අදියවර යටතේ කිලෝමීටර් 39කින් සමන්විත හම්බන්තොට සිට කතරගම දක්වාත් වන දුම්රිය මාර්ගය ඉදිරිමට යෝජිතව තිබේ.
පළමු අදියර වන මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරිම සඳහා ඇස්තමේන්තු මුදල ඩොලර් මිලියන 278කට අධික බව ප්‍රවාහන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කළේ.
Source – AdaderanaLK
#RDMNS24