Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කෙරේ..

වසර 115 කට පසුව මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කෙරේ…

උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්තේ දුම්රිය මාර්ගයට අයත් සම්පූර්ණ දිග කිලෝමීටර් 133 ක් වන අතර එහි මහව සිට අනුරාධපුර දක්වා කොටස ඉදිකරන ලද්දේ 1904 වර්ෂයේ දීය. අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා කොටස 1905 වර්ෂයේදී ඉදි කෙරිණි. එතැන් සිට මේ දක්වා මෙම දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා හැර කිසිදු මහාපරිමාණ සංවර්ධනයක් සිදු කර නොමැත.

මේ හේතුවෙන් මහව සිට ඕමන්ත දක්වා කොටසේදී දුම්රිය ධාවනය වෙන්නේ අතැම් විට පැයට කිලෝමීටර් 40 කටත් වඩා අඩු වේගයෙන්. ඒ හේතුවෙන් එම කොටසෙහි දුම්රිය ධාවනයට පැය තුනක් පමණ ගත වේ. එමෙන්ම ආරක්ෂාවද ඉතා අඩු මට්ටමක පවතී. මේ කරුණු සැලකිල්ලට ගනිමින් මහව සිට ඕමන්ත දුම්රිය මාර්ගය ගලවා සම්පූර්ණයෙන්ම අලුතින් සකස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

එහි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අත්සන් කෙරුණේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව හිමි IRCON International Limited සමාගම අතර යි.
නව දුම්රිය මාර්ගය වසර දෙකකින් නිම කිරීමටත් එම සමාගම අපේක්ෂා කරනවා.

උපුටා ගැනීම සහ චායාරූප : මාධ්‍ය ඒකකය – ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය