Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය 2023 – විශේෂ දුම්රිය සේවා

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව සංවිධාන කෙරෙන ” ධර්ම රශ්මි පොසොන් කලාපය” වෙනුවෙන් 2023/06/03 දින විශේෂ දුම්රිය ගමන් වාර දෙකක් ධාවනය සඳහා එක් කර ඇත.

ධර්ම රශ්මි පොසොන් කලාපය එළඹෙන පොසොන් පොහොය නිමිති කර ගනිමින් ජුනි මස 03, 04,05 යන තෙදින පුරා හෝමාගම පිටිපන ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත වේ.

යුද හමුදාව, පොලිසිය, බස්නාහිර පළාත් සභාව, ලේක් හවුස්, ස්වාධීන රුපවාහිනිය, ජාතික රුපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධානවල දායකත්වය සහිතව ධර්ම රශ්මි පොසොන් කලාපය තෙදිනක් පුරා පැවැත්වීමට මේ විට සියළු කටයුතු කඩිනමින් සංවිධානය වෙමින් පවතී.

සර්වඥ ධාතු ප්‍රදර්ශන, තොරණ, දන්සල්, පෙරහැර, භක්ති ගීත හා බොදු බැති ගී සංදර්ශන, රූකඩ සංදර්ශන,බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙම පොසොන් කලාපයට ඇතුලත් වන අතර ඊට සමගාමීව බටහිර හා ආයුර්වේද වෛද්‍ය සායන, විවෘත හා පාසල්, දහම් පාසැල් සිසුන්ගේ පහන් කූඩු තරඟයක් ද ලේක් හවුස් හා හරිත සරසවිය මඟින් සංවිධානය කර තිබේ.

එම කාල සීමාව තුල පොසොන් කලාපය නැරඹීම සඳහා පැමිණෙන සැදැහැවත් ජනතාව වෙනුවෙන් නොමිලේ ප්‍රවාහන සේවා ඇතුළු පහසුකම් රැසක් ස්වෙච්ඡාවෙන් සැපයීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් ඉදිරිපත් වී සිටී.

උපුටා ගැනීම –
මාධ්‍ය ඒකකය – ප්‍රවාහන, මහාමාර්ග හා ජනමධ්‍ය අමාත්‍යංශය

#RDMNS