මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තවත් දුම්රියකට ආසන කලින් වෙන් කරවා ගැනීමේ පහසුකම හිමිවේ.
2024.02.03 දින සිට පහත සඳහන් දුම්රිය ගමන් වාර සඳහා S13 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් ධාවනය සඳහා එක් කර ඇත.
8060 – පෙ.ව. 06/05 මරදාන – බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය
(සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින)
නැවතුම් ස්ථාන : කොළඹ කොටුව, පානදුර, දකුණු කළුතර, අළුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, අහංගම, වැලිගම, මාතර, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, නාකුළුගමුව සහ බෙලිඅත්ත.
8061 – ප.ව.03/30 බෙලිඅත්ත – මරදාන සීඝ්‍රගාමී දුම්රිය
(සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින)
නැවතුම් ස්ථාන : නාකුළුගමුව, වැවුරුකන්නල, බඹරැන්ද, කැකණදුර, මාතර, වැලිගම, අහංගම, ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, අළුත්ගම, දකුණු කළුතර, පානදුර, මොරටුව, දෙහිවල, කොළඹ කොටුව සහ මරදාන
මෙම දුම්රියන්වල කලින් ආසන වෙන් කරවා ගත හැකි පළමු පන්තියේ වායුසමනය කරන ලද මැදිරි දෙකකින් සහ සාමාන්‍ය ප්‍රවේශපත් රැගෙන ගමන් කළ හැකි දෙවන පන්තියේ හා තෙවන පන්තියේ මැදිරි වලින් සමන්විත වේ.
Designed by Dasun Prabhashwara
UPDATED ON : 2024.02.04
#RDMNS #newsfeed