Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

නව දුම්රිය ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය

දුම්රිය ප්‍රවේශපත්‍ර සහ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු 2018-10-01 සිට සංශෝධනය වනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ තුන්වන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් 10 දෙවන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් විස්ස සහ පළවන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් 40 මෙහිදී වෙනස් නොවන බවයි. 

කෙසේ වෙතත් අවම ගාස්තු සළකා බැලීමේදී ක්‍රියාත්මක වුණු කිලෝමීටර 10 සීමාව නව සංශෝධනයේදී 7 දක්වා අඩුකර තිබෙනවා.

ගාස්තු සංශෝධනයේදී අවම වැඩිවීම සියයට 15 ක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.  තුන්වන පන්තියේ ගාස්තු වැඩිවීම අනුව කොළඹ සිට කළුතර දක්වා අය කෙරුණු රුපියල් 50 ගාස්තුව 55 දක්වා ඉහළ ගොස් ඇති අතර, රුපියල් 105 ක් වූ කොළඹ – කොටුවේ සිට ගාල්ල දක්වා වන ප්‍රවේශපත්‍ර ගාස්තුව 135 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

නව සංශෝධනයට අනුව කොළඹ සිට මහනුවරට  තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 140 ක්. එය මීට පෙර පැවතුණේ රුපියල් 110 ක් ලෙසයි.

එසේම රුපියල් 165 ක්ව පැවති කොළඹ – අනුරාධපුර තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 215 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

රුපියල් 95ක්ව පැවති කුරුණෑගල – කොළඹ- කොටුව ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 115 ක් දක්වා වැඩිවන අතර, මාතර දක්වා තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ගාස්තුවද රුපියල් 35 කින් ඉහළ ගොස් තිබෙනවා.

වාර ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩිවීමේදී සාමාන්‍ය තනි ගමන් ප්‍රවේශපත්‍ර මුළු අගයෙන් සියයට 40 කින් ඉහළ නංවා ඇති අතර, රජයේ සේවක වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව සියයට 15 කින් වැඩිවී තීබෙනවා. 

විශ්වවිද්‍යාල, පිරිවෙන් සහ වයස අවුරුදු 12 ට වැඩි පාසල් වාර ප්‍රවේශපත්‍ර ගාස්තු සියයට 10 කින් ඉහළ නංවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතතත් වයස අවුරුදු 12 ට අඩු ශිෂ්‍ය වාර ප්‍රවේශපත්‍ර සහ දුම්රිය සේවක වාර ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැන්වෙන්නේ සියයට 5 කින් පමණයි.  

ඒ අනුව කොළඹ කොටුව සිට ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක් සඳහා සංශෝධිත නව ගාස්තු පහත සඳහන් පරිදි වේ.

කොල්ලුපිටිය

2nd Class – රු.20
3rd Class – රු.10

බම්බලපිටිය

2nd Class – රු.20
3rd Class – රු.10

දෙහිවල

2nd Class – රු.30
3rd Class – රු.15

මොරටුව

2nd Class – රු.50
3rd Class – රු.25

පානදුර

2nd Class – රු.70
3rd Class – රු.40

දකුණු කලුතර

2nd Class – රු.100
3rd Class – රු.55

අලුත්ගම

2nd Class – රු.140
3rd Class – රු.75

අම්බලන්ගොඩ

2nd Class – රු.180
3rd Class – රු.105

හික්කඩුව

2nd Class – රු.210
3rd Class – රු.115

ගාල්ල

2nd Class – රු.240
3rd Class – රු.135

වැලිගම

2nd Class – රු.280
3rd Class – රු.160

මාතර

2nd Class – රු.300
3rd Class – රු.170

________________________


කැළණිය

2nd Class – රු.20
3rd Class – රු.10

රාගම

2nd Class – රු.40
3rd Class – රු.25

ගම්පහ

2nd Class – රු.70
3rd Class – රු.40

වේයන්ගොඩ

2nd Class – රු.90
3rd Class – රු.50

මීරිගම

2nd Class – රු.120
3rd Class – රු.65

අලව්ව

2nd Class – රු.150
3rd Class – රු.80

පොල්ගහවෙල

2nd Class – රු.160
3rd Class – රු.90

රඹුක්කන

2nd Class – රු.180
3rd Class – රු.105

කඩුගන්නාව

2nd Class – රු.220
3rd Class – රු.125

පේරාදෙණිය

2nd Class – රු.240
3rd Class – රු.135

මහනුවර

2nd Class – රු.250
3rd Class – රු.140

ගම්පොළ

2nd Class – රු.250
3rd Class – රු.145

නාවලපිටිය

2nd Class – රු.280
3rd Class – රු.160

හැටන්

2nd Class – රු.330
3rd Class – රු.190

තලවකැලේ

2nd Class – රු.350
3rd Class – රු.200

නානුඔය

2nd Class – රු.380
3rd Class – රු.215

පට්ටිපොළ

2nd Class – රු.410
3rd Class – රු.230

හපුතලේ

2nd Class – රු.440
3rd Class – රු.245

දියතලාව

2nd Class – රු.440
3rd Class – රු.250

බණ්ඩාරවෙල

2nd Class – රු.450
3rd Class – රු.250

ඇල්ල

2nd Class – රු.470
3rd Class – රු.260

බදුල්ල

2nd Class – රු.490
3rd Class – රු.275

වත්තේගම

2nd Class – රු.270
3rd Class – රු.150

මාතලේ

2nd Class – රු.290
3rd Class – රු.165

____________________


නුගේගොඩ
3rd Class – රු.20

මහරගම
3rd Class – රු.25

කොට්ටාව
3rd Class – රු.30

හෝමාගම
3rd Class – රු.40

පාදුක්ක
3rd Class – රු.50

කොස්ගම
3rd Class – රු.70

අවිස්සාවේල්ල
3rd Class – රු.80

_______________________

ජා ඇල

2nd Class – රු.60
3rd Class – රු.35

සීදුව

2nd Class – රු.70
3rd Class – රු.40

මීගමුව

2nd Class – රු.90
3rd Class – රු.55

හලාවත

2nd Class – රු.180
3rd Class – රු.100

පුත්තලම

2nd Class – රු.270
3rd Class – රු.155

___________________

කුරුණෑගල

2nd Class – රු.210
3rd Class – රු.115

මහව

2nd Class – රු.270
3rd Class – රු.155

ගල්ගමුව

2nd Class – රු.350
3rd Class – රු.195

අනුරාධපුර

2nd Class – රු.380
3rd Class – රු.215

වවුනියාව

2nd Class – රු.440
3rd Class – රු.250

කිලිනොච්චිය

2nd Class – රු.540
3rd Class – රු.300

යාපනය

2nd Class – රු.630
3rd Class – රු.350

තලෙයිමන්නාරම

2nd Class – රු.550
3rd Class – රු.305

_____________________

කැකිරාව

2nd Class – රු.360
3rd Class – රු.200

ගල්ඔය

2nd Class – රු.410
3rd Class – රු.230

හිඟුරක්ගොඩ

2nd Class – රු.430
3rd Class – රු.240

පොළොන්නරුව

2nd Class – රු.450
3rd Class – රු.250

මඩකලපුව

2nd Class – රු.570
3rd Class – රු.315

ත්‍රිකුණාමලය

2nd Class – රු.500
3rd Class – රු.280

Source – HiruNewsLK
#RDMNS24