Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

කොළඹ – කන්කසන්තුරේ දුම්රිය ගමන් යලි ඇරඹේ.

නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.07.13 දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.

අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙහි අමාත්‍යවරයාගේ සුරතින් දුර්ලභ “පඬු කරඳ” ශාකයක් රෝපණය කිරිමද සිදුවිය. මීට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය ස්ථානවලද “පඬු කරඳ” ශාක රෝපණය කරන ලදි.

අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ නවීකරණය කෙරුණු දුම්රිය මාර්ගය මධ්‍යයෙහි සාම්ප්‍රදායික හින්දු චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව දුම්රිය අනුරාධපුර සිට යාපනය දක්වා ගමන් ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
කෙටි කලක් සංවර්ධන කටයුතු වෙනුවෙන් නතර කර තිබූ යාපනය සිට කොළඹ දක්වා දුම්රිය ගමන් එළඹෙන 15 වැනිදා සිට නැවතත් සුපුරුදු පරිදි ආරම්භ කෙරෙනවා. ඊට අමතරව යාපනය ප්‍රදේශයේ වර්ධනය වන සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම උදෙසා සහ ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අගෝස්තු පළමුවැනිදා සිට කොළඹ සිට යාපනය දක්වා නව සුඛෝපභෝගී රාත්‍රී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමටද අප කටයුතු යොදා තිබෙනවා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මැතිතුමා, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල්තුමා ඇතුළු නිලධාරීන්, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඩී එස් ගුණසිංහ මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සංශෝධනය වූ නව දුම්රිය කාලසටහන බලාපොරොත්තු වන්න !

උපුටා ගැනීම-
මාධ්‍ය ඒකකය
ප්‍රවාහන, මහාමාර්ග හා ජනාමධ්‍ය අමාත්‍යංශය