දුම්රිය කාලසටහන් සංශෝධන – කැලණිවැලි දුම්රිය මාර්ගය
2022/09/11 දින සිට කැළණිවැලි දුම්රිය මාර්ගයේ පහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #NewsFeed UPDATED ON : 2022.09.11
2022/09/11 දින සිට කැළණිවැලි දුම්රිය මාර්ගයේ පහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #NewsFeed UPDATED ON : 2022.09.11
S12 වර්ගයේ බලවේග කට්ට්ලයක් සමගින් ධාවනය වූ කො.කොටුවෙන් රාත්‍රී 07/25 (1047) සහ බදුල්ලෙන් ප.ව. 06/05 (1048) රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියන් ධාවනයෙන් ඉවත් කොට සුපුරුදු රුමේනියානු මැදිරි 12 ක් සමග ධාවනය වන බදුල්ල සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය (අංක 1045/1046) 2022.09.10 දින සිට නැවත ධාවනයට එක් කර ඇත. #RDMNS #NewsUpdate 2022.09.11
Ella Odyssey සංචාරක දුම්රියේ දුම්රිය කාලසටහන සහ ධාවනය වන දිනයන් සංශෝධනය කොට ඇත. ඒ අනුව යාවත්කාලින දුම්රිය කාලසටහන සහ තොරතුරු ඉහත පරිදි වේ. #RDMNS 2022.09.11
මෙතෙක් ක්‍රියාත්මක වූ දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ කාලයේ උපරිමය, ගමනට යෝජිත දින සිට දින 07 ක් සහ පසුව 14 ක්ද ලෙස සිදු වූ වෙනස් වීම නැවතත් මහජන ඉල්ලීම් සලකා පෙර පරිදි මාසයක (දින 30) ක් ලෙස දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව කලින් ආසන වෙන් කරවාගැනීමේ පහසුකම ගමනට …
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන, උතුරු, මුහුදුබඩ සහ කැලණිවැලි දුම්රිය කාලසටහනට පහත පරිදි සංශෝධන සිදු කර ඇත. #RDMNS
මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ පහසුව පිණිස 2022/09/11 වන සෙනසුරාදා සහ 2022/09/12 වන ඉරිදා යන දිනයන්හි ඉහත සඳහන් දුම්රිය ගමන් වාර දෙක එක්කොට ඇත. #RDMNS #MainNewsFeed
2022/09/06 දින සිට කැළණිවැලි දුම්රිය මාර්ගයේ ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත.
2022.09.04 දින ජනතා අයිතියට පත් වන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අභිනව දුම්රිය ස්ථානය වන නාකුළුගමුව උප දුම්රිය ස්ථානයේ (NKG) දුම්රිය කාලසටහන ඉහත පරිදි වේ. #RDMNS #Mainnewsfeed
2022/08/29 දින සිට නැවත දැනුම් දෙනතුරු ඉහත සඳහන් දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. #RDMNS #NewsFeed 2022.08.28
2022/08/22 දින සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන වාරයක් සංශෝධනය කර, උතුරු දුම්රිය මාර්ගය සඳහා කොළඹ කොටුව සිට කුරුණෑගල අතර 2021/01/07 දින සිට ධාවනය සඳාහා එක් කර පසුව ධාවනයෙන් අත්හිටුවා තිබූ දුම්රිය ගමන් වාරය ධාවනය සඳහා නැවත එක් කර ඇත. #RDMNS #NewsFeed 2022.08.23