Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

කුරුණෑගලට නව දුම්රියක් !

2022/08/22 දින සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන වාරයක් සංශෝධනය කර, උතුරු දුම්රිය මාර්ගය සඳහා කොළඹ කොටුව සිට කුරුණෑගල අතර 2021/01/07 දින සිට ධාවනය සඳාහා එක් කර පසුව ධාවනයෙන් අත්හිටුවා තිබූ දුම්රිය ගමන් වාරය ධාවනය සඳහා නැවත එක් කර ඇත. #RDMNS #NewsFeed 2022.08.23

පුත්තලම මාර්ගය – මාර්ග අලුත් වැඩියාවක්

2022 අගෝස්තු මස 20 සහ 21 යන දෙදින තුළ පුත්තලම දුම්රිය මාර්ගයේ වයික්කාල දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් සංශෝධනය සහ අවලංගු කර ඇත. #RDMNS #NewsUpdate 2022.08.20

විශේෂ දුම්රිය සේවා – රාගම බැසිලිකා දේවස්ථානයේ රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය

රාගම බැසිලිකා දේවස්ථානයේ රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය සඳහා සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස ඉහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක්කර ඇත. #RDMNS #SpecialTrainSchedule 2022.08.20

බදුල්ල රාත්‍රී දුම්රියේ මගී තදබදය වෙනුවෙන් නව දුම්රියක් එක් කර ඇත

බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් වල පවතින අධික මගී තදබදය හේතුවෙන් පහත නව සංශෝධනයන් සිදු කර ඇත. -2022/08/18 දින සිට බදුල්ල සහ කොළඹ කොටුව අතර සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය නැවත ධාවනය සඳහා එක් කර ඇත. -2022/08/18 දින සිට බදුල්ල සහ කොළඹ කොටුව අතර නව රාත්‍රී සීඝ්‍රගාමී ගමන්වාරයක් ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #NewsUpdate #Badulla

කන්කසන්තුරේ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය නැවතත්

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ දීර්ඝ කාලයක් ධාවනය නවතා තිබූ කන්කසන්තුරේ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය නැවතත් 2022.08.19/20 දින සිට සුපුරුදු පරිදි ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS #NewsFeed UPDATED ON 2022.08.16

බදුල්ල රාත්‍රී දුම්රිය නැවතත්

අයහපත් කාලගුණ තත්ත්වය හෙතුවෙන් ධාවනය අවලංගු කර තිබූ බදුල්ල රාත්‍රී සීඝ්‍රගාමී දුම්රිය 2022/08/12 වන දින සිට නැවත ධාවනය සදහා එක් කර ඇත. #RDMNS #Mainnewsfeed 2022/08/11

විශේෂ දුම්රිය සේවා | මඩු සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය

මඩු සිද්ධස්ථානයේ මංගල්‍යය සඳහා සහභාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස ඉහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක්කර ඇත. #RDMNS #Mainnewsfeed 2022/08/11