Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

RDMNS News

⚠️ විශේෂ දැනුවත් කිරීමයි !

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් 2022/11/17 දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තනි මාර්ගයේ සිදු වේ.

විශේෂ දුම්රිය සේවා !

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් 2022/10/22 දින කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය ගමන් වාරයක් ධාවනය සඳහා එක්කර ඇත.

මුහුදුබඩ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ.

—-UPDATE 2022/10/13 (හෙට) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහනෙහි සංශෝධනය තාවකාලිකව කල් දමා ඇත. එය ක්‍රියාත්මක වන දිනය පිලිබඳව තොරතුරු ලැබුණු පසු සමූහය ඔස්සේ දැනුවත් කෙරෙනු ඇත.

කොළඹ කොටුව – අනුරාධපුරය නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවයක්

2022/10/08 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. මෙම දුම්රියේ ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කරගත යුතු වේ! #RDMNS #NewsFeed 2022.10.07

කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නැවතේ.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති පාලමක් අලුත්වැඩියා කිරීම සඳහා 2022/10/07 දින රාත්‍රී 08/30 සිට 2022/10/10 දින පෙ.ව. 06/00 දක්වා කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත් හිටුවා ඇත. එම දිනවලදී දුම්රිය ධාවනය ඉහත සඳහන් සංශෝධනයන්ට යටත් ව සිදුවේ.

කොළඹ – මහනුවර අතර නගරාන්තර දුම්රිය සේවයක් ඇරඹේ !

2022/10/01 දින සිට සෑම සෙනසුරාදා, ඉරිදා සහ නිවාඩු දිනකම කොළඹ කොටුව සිට මහනුවර අතර ඉහත සදහන් නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.

එළඹෙන දීර්ඝ සති අන්තයේ බදුල්ලට අතිරේක දුම්රියක්

සැප්තැම්බර් 17, 18 සහ 19 දීර්ඝ සති අන්තය හේතුවෙන් ඇති වන මගී තදබදය අවම කීරීම සඳහා කොළඹ කොටුව සිට මහනුවර සහ බදුල්ල අතර පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත. 2022.09.16 #RDMNS #NewsFeed

Ella Odyssey දිනපතා ධාවනයට

අධික මගී ඉල්ලුම හමුවේ Ella Odyssey සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2022.09.19 දින සිට දිනපතා ධාවනය සඳහා එක් කර ඇත. #RDMNS